26 C
Colombo

බොරැල්ලේ ගැටුමකින් සොත්ති උපාලිගේ බාල පුතා මරුට

Published:

ඊයේ (24) රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පාතාල නායකයකු ව සිටී “සොත්ති උපාලි”නමැත්තාගේ බාල පුත්‍රයා මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

පිහි ඇනුමකින් මෙලෙස මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අරඹෙවෙලගෙ දොන් චිරන්ත ගයා ජයසංඛ නොහොත් “ගයියා” නමැති විසිහත් හැවිරිදි පුද්ගලයෙකි.

මරණය සම්බන්ධයෙන් වන ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (25) සිදු කරනු ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

Recent articles