27.9 C
Colombo

මංකි ෆොක්ස් ලංකාවට පැමිණීමේ අවධානමක්

Published:

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ මංකි ෆොක්ස් රෝගය ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් පවතින බවයි.

කෙසේ වෙතත් කොරෝනා රෝගය මෙන් නොව මෙම රෝගයේ පැතිරෙන වේගය අඩු බවද හෙතෙම සඳහන් කළේය.

මංකි ෆොක්ස් බාහිර රෝග ලක්ෂණ වලින් පැහැදිලිව හඳුනාගත හැකි බවත් එසේ හඳුනාගත හැකි හෙයින් රෝගීන් ඉතා ඉක්මනින්ම නිරෝධායනයට යොමු කිරීමට හැකියාව පවතින බවත් මහාචාර්යවරයා කීවේය.

මෙම රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් තම විශ්වවිද්‍යාලයේ ප්‍රමාණවත් පරිදි පවතින බවද හෙතෙම සඳහන් කළේය.

Related articles

Recent articles