27 C
Colombo

මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Published:

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (27) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස  ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින්  මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණුකර තිබෙනවා.

Related articles

Recent articles