25.7 C
Colombo

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන වේගය අඩුවෙයි

Published:

අද (18) දිනයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

කෙසේ නමුත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොරළවැල්ල දුම්රිය ස්ථානය අසළ දුම්රිය මාර්ගය මුහුදු ඛාදනයට ලක්වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව එම ස්ථානයේදී දුම්රිය ධාවන වේගය අවම කර ධාවනය කරන බවත් අද දිනය තුළ එහි පිළිසකර කිරීම් සිදු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles