24 C
Colombo

රජය ප්‍රජාතන්ත්‍රවාදී මහජන විරෝධතාවලට සවන් දීමට සූදානම් – දිනේෂ් ගුණවර්ධන

Published:

ප්‍රජාතන්ත්‍රවාදී මහජන විරෝධතාවලට සවන් දීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ත්‍රස්තවාදී ක්‍රියා පිළිගත නොහැකි බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ ය.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ත්‍රස්තවාදය ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ලොකුම තර්ජනය බවත්, ප්‍රජාතන්ත්‍රවාදය රකින පාර්ලිමේන්තුව එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල නොදෙන බව තමන් විශ්වාස කරන බවත්ය.

විවිධ දේශපාලන මතිමතාන්තර තිබිය හැකි නමුත් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුවට එකාවන්ව කටයුතු කළ හැකි බව ඔහු තවදුරටත් පැවසීය.

Related articles

Recent articles