27 C
Colombo

රන්ජන්ට ජනපති සමාව?

Published:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට අවශ්‍ය ලියකියවිලි සකස් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර වැඩබලන ජනාධිපතිවරයා හමුවී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඉල්ලා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

නිසි නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

Related articles

Recent articles