සිනහාමුසු මුහුණින් ඉතා සුහදශීලීව ජනතා වෙනුවෙන් රාජකාරී නොකරන රාජ්‍ය සේවකයන්ට දඩ පැනවීමට උතුරු පිලිපීනයේ මුලානේ නගරයේ නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් නියෝහ කර තිබෙනවා.
තමන් ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීම වෙනුවෙනුයි නගරාධිපතිවරයා මෙම නීතිය ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
2022 අංක 002 දරන විධායක නියෝගය මඟින් සියලුම පළාත් පාලන සේවකයින් මහජනතාවට සේවය කිරීමේදී සිනහවෙන් සිටීම පමණක් අවශ්‍ය වෙන අතර, ඊට අවනත නොවන අයට විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
නගරාධිපතිවරයා මෙම තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ රාජ්‍ය සේවය ලබා ගැනීමට
පැමිණෙන ජනතාව වෙනුවෙන් මිත්‍රශීලි වටපිටාවක් ඇති කරමින්, රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම තම අරමුණ වී ඇති බවයි.
ඇරිස්ටෝටල් ඇග්වයර් නගරාධිපතිවරයා ලෙස එම ධුරයට පත්ව ඇත්තේ තවමත් මාස 08ක් පමණක් වන අතර ගුණාත්මක රාජ්‍යඨ සේවකයක් ඇති කිරීමට ඔහු ප්‍රතිඳා දී තිබෙනවා.
රාජ්‍ය සේවයේ දී සිනහව නැත්නම් දඩ

Published: