25 C
Colombo

රුපියල් මිලියන 17ක විදෙස් මුදල් සමඟ උණ්ඩියල් ක්‍රමයට මුදල් හවුමාරු කළ පුද්ගලයෙකු කොටුවෙයි

Published:

රුපියල් මිලියන 17කට අධික විදෙස් මුදල් තොගයක් සමඟ නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය යටතේ විදෙස් මුදල් හුවමාරු කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 27ක් වන සැකකරු ගල්බොක්ක ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර විශේෂ කාර්ය බලකාය කොක්මාදූව උපකඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

සැකකරු සතුව තිබූ අමෙරිකානු ඩොලර් 18,208ක්, යුරෝ 20,035ක්, බ්‍රිතාන්‍ය පවුම් 645ක්, ජපන් යෙන් 100,000ක්, කටාර් රියාල් 1000ක්, ඩිරාම් 18,500ක මුදල් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු අද (28) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related articles

Recent articles