ගාලුමුවදොර අරගල භූමියේ ක්‍රියාකාරිකයෙකු වන ධනීස් අලී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ධනීස් අලී කටුනායක ගුවන්තොටුපොළින් විදෙස්ගතවීම සඳහා ගුවන් යානයකට ගොඩවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව ඔහු ඊයේ (27) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.