ලෝක වෙළෙඳ පොළේ පවතින ඉන්ධන මිලට සාපේක්‍ෂව මෙරට ඉන්ධන මිල අඩුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිතෙ ඊයේ (15 ) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියා.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල මේවන විට ශීඝ්‍රයෙන් පහත බසින මේ මොහොතේ රජය ඉදිරිපත් කර ඇති මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු විය යුත් බවයි ඔහු පවසන්නේ. තෙල් බැරලයක මිල මීට දින දාසයකට පෙර ඩොලර් එකසිය හතර දක්වා අඩුවු අතර එකී වාසිය මෙරට ජනතාවට ලබාදිය යුතුව ඇතැයි ද ඔහු කියා සිටියා. සියලු බදු අයකර ගැනීමෙන් අනතුරුව ඔක්ටේන් 92ක පෙට්‍රල් මිල පවතින මිලට වඩා රුපියල් 110කින් අඩු කළ හැකි බවත්, 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 120කින් හෝ ඊටත් අඩු ලෙස ලබාදිය හැකි බවත් හෙතෙම පැවසීය.සුපර් ඩීසල් ද ලීටරයක් රුපියල් 120කින් අඩු කළ හැකි බවද පැවසූ හෙතෙම මේ සෑම ඉන්ධන වර්ගයකින්ම රජය ලබන බදු මුදල් අඩුකර ගැනීමෙන් පසුව තවදුරටත් මිල අඩු කිරීමට හැකියාව පවතින බවද පැවසුවා.