28 C
Colombo

වත්කම් ප්‍රසිද්ධ කරන ලෙස ජනපති අපේක්ෂකයින්ට ඉල්ලීමක්

Published:

වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කරන්නැයි ජනාධිපති ධුරය සඳහා තරඟ වදින සියලු අපේක්ෂකයන්ගෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉල්ලීමක් කරනවා.

තවදුරටත් දූෂිත නායකයන් පිළිනොගන්නා බවට ශ්‍රී ලාංකිකයන් මේ වනවිට පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇති බැවින් වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් උදෙසා වන ජනතා ඉල්ලීමට අවධානය යොමු කරමින් රටට අවශ්‍ය කරන වෙනස කරන ලෙසයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related articles

Recent articles