අලියා බාත් සහ රන්බීර් කපූර් කියන්නේ බොලිවුඩ් සිනමාව තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගත්ත ගොඩක් දෙනෙක් ආදරය කරන දෙදෙනෙක්.
රන්බීර් ප්‍රේම සම්බන්ධතාවලදී නොයෙකුත් ආකාරයෙන් ප්‍රසිද්ධ චරිතයක් එක්ක සම්බන්ධතා ඇති කර ගත්තත් පසුකාලීනව ඔහු තමන්ගේම කියලා පෙම්වතියක් හැමදාටම තෝරගත්තා. ඇය තමයි සුන්දර සුරූපී ආලියා බාත්.
පසුගිය අප්‍රේල් මාසයේ මේ දෙන්නගේ විවාහ උත්සවය බොහෝ දෙනෙක්ගේ සහභාගිත්වයෙන් පැවැත්තුවා.
ඒ විදියට විවාහ වෙලා පසුගිය ජූලි 28 වැනි දින සමාජ මාධ්‍ය තුළින් රන්බීර් කපූර් සහ අලියා බාත් සුබ පණිවිඩයක් ප්‍රේක්ෂකයන් සමඟ බෙදා හදා ගන්නවා. ඒ තමයි ඔවුන් දෙදෙනා උතුම් මවුපිය පදවිය ලබන්න වාසනාවන්ත වුණා කියන ඒ සුබ පණිවිඩය. මේ අවස්ථාවේදී සතර දිගින්ම ඔහුට සහ ඇයට ඒ සඳහා සුබපැතුම් එකතු වුණා.
නමුත් ක්ෂේත්‍රයේ තවත් සමහරක් කියා තිබුණේ දරුවෙක් ලබන්න අලියා බාත් ඉක්මන් වුණා වැඩියි කියන දේ. හේතුව ඒ දේවල් ඇගේ රංගන කටයුතුවලට බාධාවක් වෙන්න පුළුවන් නිසා. නමුත් ගැබ් ගැනීම ඇගේ රංගන කටයුතුවලට බාධාවක් නොවන බව ආලියා බාත් පසුගිය දිනක සඳහන් කර තිබුණා.ඒ වගේම ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටි රැසක රඟපාන්නත් ඇය සූදානමින් ඉන්නවා කියලත් ආරංචියි.
ඒ අතරින් තවත් සමහර දෙනා කියනවා ඇය ගැබිනියක් වීම අදහාගන්න බැරි දෙයක් කියලයි. මොකද විවාහ වෙලා ඉතාමත් ඉක්මනින් මේ විදිහේ අවස්ථාවකට මුහුණ දෙන්න ඔවුන් සූදානම් වුන එක ගැන බොහෝ දෙනෙක්ට තියෙන්නේ කුතුහලයක්. ඒ වගේම තමයි තවත් සමහරක් දෙනා සඳහන් කරනවා ඇය විවාහ වෙන්න කලින්ම රන්බීර් කපූර් සමග අඹු සැමි ඇසුරක් පවත්වන්නට ඇති කියන කට කතාව.
නමුත් ඒ සියල්ලටම නිහඬ වෙලා පරිස්සමෙන් කාලය ගත කරන මේ දෙන්නා ආදරණිය පුතෙක් හෝ දුවෙක් බිහිකරන්න හීන දකිනවා. ඒ ආරංචිය නිසා රන්වීර් හරිම සතුටින් කාලය ගත කරන බවද පැවසෙනවා.
ඉතින් ගර්භනී වුණත් එය බාධාවක් කර ගන්නේ නැතුව ඉදිරි වැඩ කටයුතුවලට සූදානම් වෙන්න ආලියා බාත් තීරණය කරලා තියෙනවා.