27.9 C
Colombo

ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට IMF බලාපොරොත්තු වෙයි

Published:

සහන වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසනවා.

ශ්‍රී ලංකාවේ මහජනතාවගේ යහපැවැත්ම පිළිබඳව ජාත්‍යන්තර මූලඨ අරමුදල ඉතා ගැඹුරින් සැලකිලිමත්ව සිටින බවයි ඇය සඳහන් කර තිබෙන්නේ.

දෙපාර්ශ්වය අතර සහන පැකේජය සම්බන්ධයෙන් තාක්ෂණික සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡාවල ප්‍රතිඵල අනුව එම වැඩසටහන කඩිනමින් නිමකළ හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

Related articles

Recent articles