25 C
Colombo

සිව් හැවිරිදි දැරියකට වද දුන් පියා අත්අඩංගුවට!

Published:

සිව් හැවිරිදි දැරියකට වධහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ මිත්තණිය විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ (18) මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 4 යි මාස 11 ක් වයසැති මෙම කුඩා දියණිය සිය පියා විසින් වධහිංසා පමුණුවා අමානුෂික ලෙස හිරිහැර කර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකි.

සැකකරු සහ ඔහුගේ බිරිඳ අතර දිගින් දිගටම ඇති වු ආරවුල් හේතුවෙන් මීට මාස 5කට පමණ පෙර දැරිය මිත්තණිය වෙත භාර දී එම කාන්තාව විදෙස් ගත වී ඇත.

ඉන් මාස දෙකකට පසුව දැරියව සැකකරු විසින් ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබේ.

පසුව දැරියට වදහිංසා සිදුකර ඒවා පටිගත කර සිය බිරිඳ වෙත යවා ඇති බව පෙලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර සැකකරු අද (19) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

Recent articles