27 C
Colombo

ඉන්ධන සංචිතය අනුව කෝටාව සෑම සතියකම යාවත්කාලීන වෙයි

Published:

ඉදිරියේදී රටට ඉන්ධන ලැබෙන තත්ත්වය අනුව එක් පුද්ගලයෙකුට හිමිවන ඉන්ධන කෝටාව අඩු වැඩි වියහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමනාකර චමින්ද සමරකෝන් පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව සතියේ ඉන්ධන කෝටාව ඉරිදා දින යාවත්කාලීන කරන බවත් රටතුළ ඇති ඉන්ධන සංචිත ප්‍රමාණය අනුව එය වෙනස් වන බවයි ඔහු සඳහන් කරන්නේ.

මීට පෙර දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,700ක් වගේ වෙළෙඳපොළට මුදාහැරියද අද වන විට එය 3,000 ට සීමාවී ඇති බවත් ඩීසල්ද දෛනිකව නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 4000 ක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles