26 C
Colombo

CEYPETCO පෝලිම්වල ඉන්න එපා – කංචන විජේසේකර

Published:

ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන තෙක් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්වල රැඳීසිටීමෙන් වළකින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලා සිටිනවා.

පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සිදු කරන්නේ, දැනට පෝලම්වල ඇති වාහන ඉවත් කිරීමෙන් පසුව බවත්, මින් ඉදිරියට ඉන්ධන ලබාගැනීම සඳහා QR ඉන්ධන අවසරපත්‍රයට අනුව කෝටාවක් තිබීම හා අංක තහඩුවේ අවසාන ඉලක්කමට අදාළ දිනය යන දෙකම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පවසනවා.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන දිනය පසුව ප්‍රකාශයට පත් කරන බවත්, එය සැකසීම සහ එය ක්රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

කෙසේ නමුත් ඉදිරි මාස කිහිපය තුළ සෑම දෙනාටම සතිපතා ඉන්ධන කෝටාවක් සහතික කිරීම සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා මහජන සහාය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Related articles

Recent articles