27 C
Colombo

ආසියානු ක්‍රිකට් කාන්තා ශූරින් තෝරන අවසන් තරගය අදයි

Published:

කාන්තා ආසියානු ශූරතා T20 තරඟාවලියේ අවසන් මහ තරගය අද (15) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ බංග්ලාදේශයේ සිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීය. ශ්‍රී ලංකා වේලාවෙන් තරගය පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, පාකිස්ථානය 01ක් ලකුණකින් පරදවමින් ශූරතාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

ඉන්දියා කාන්තා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ තායිලන්ත කණ්ඩායම ලකුණු 74කින් පරාජයට පත් කරමින්.

Related articles

Recent articles