Eco Tablet නමැති ඉන්ධනවලට සංකලනය කරන පෙත්තක් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව Eco Tablet සිපෙට්කෝ ඉන්ධන සමග සංකලනය කිරීම සඳහා කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතියක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදී නොමැති බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.
අදාළ ආයතනයට විරුද්ධව සංස්ථාව විසින් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර ඇති බවත් මෙම Eco Tablet නැමති කූට ප්‍රචාරයන්ට හසු නොවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්,


