25.8 C
Colombo

එංගලන්තය අභිබවා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Published:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් සහ දළ ලකුණු ලබා ගැනීමේ වේගය +2.467 ක් ලබාගෙන සිටිනවා.

එම සටහනේ පළමු ස්ථානය නවසීලන්ත කණ්ඩායමට හිමිව ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු 2 ක් හා දළ ලකුණු ලබා ගැනීමේ වේගය +4.450 ක් ලෙස සටහන් වන අතර තෙවන ස්ථානයේ පසුවන එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් හා දළ ලකුණු ලබා ගැනීමේ වේගය +0.620 ක් ලෙස සටහන් වනවා.

ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය හා ඔස්ට්‍රේලියාව පිළිවෙලින් 4,5,6 යන ස්ථානවල රැඳී සිටිනවා.

Related articles

Recent articles