31 C
Colombo

එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සඳහා යන අවම වියදම රුපියල් 13,460

Published:

2022 අගෝස්තු මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 13,460 ක් බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අදාළ වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුට වන අතර එම මුදල දැක්වෙන්නේ 14,517 ක් ලෙස වන අතර අඩුම වියදම වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රු. 12,870 ක් වනවා.

අදාළ වාර්තාව පහතින්,

Related articles

Recent articles