30 C
Colombo

කැසිනෝ, ඔට්ටු සහ සූදු බදු ඉහළට

Published:

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 ක් දක්වා පසුගිය අගෝස්තු 1 වනදා සිට ඉහළ දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණින්, ඔට්ටු සහ සූදු පනත ද සංශෝධනය කර ඇති බවයි සඳහන් වන්නේ.

බදුවැඩි කළ ආකාරය පහතින්.

  • සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීම.
  • සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා පිරිවැටුම මත අය කෙරෙන 10% ක බද්ද අවම වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීම.
  • ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීම.
  • සජීවි නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000ක සිට රුපියල් 75,000 දක්වා වැඩි කිරීම.

Related articles

Recent articles