හෙට සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද නිවේදනය කළා.
සිකුරාදා (28) රාත්‍රී 10.00 සිට සෙනසුරාදා (29) පෙරවරු 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව මෙම කාලය තුළ කොළඹ 2, 3, 4, 5, 7, 8 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ.