29.7 C
Colombo

ගල් අඟුරු නැවක් දිවයිනට

Published:

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් දිවයිනට රැගෙන ආ බව ලංකා ගල් අඟුරු සමාගම ප්‍රකාශ කළේ ය.

ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි ගල් අඟුරු නෞකාවේ තොග ගොඩබෑම අද ආරම්භ වනු ඇති.

ඒ අනුව නොරොච්චෝලේ බලාගාරයේ ජනන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන බවයි ගල් අඟුරු සමාගම ප්‍රකාශ කළේ.

අදාළ ගල් අඟුරු නෞකාව ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ මීට පෙර ගිවිසුම් ගත සමාගමෙන් වන අතර එම සමාගමේම තවත් ගල් අඟුරු නෞකා 4ක් දෙසැම්බර් 4 වැනිදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Related articles

Recent articles