නියමිත සීමාව ඉක්මවා රන් ආභරණ පැළඳ ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (14) අනතුරු ඇඟවීය.
නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් රජයට මසකට ඩොලර් මිලියන 30 ක රාජ්‍ය ආදායමක් අහිමි වන බවයි.
එවැනි නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, එමගින් සාමාන්‍ය මගීන්ට කිසිදු අපහසුතාවයක් ඇති නොවන බව ඔහු තවදුරටත් පැවසීය.