රටේ ජනතාවගේ ආදායමෙන් 75% ක්ම ආහාර සදහා වියදම් වන බවත් අනාවරණ වී තිබෙනවා.
එසේම නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් පහෙන් එකක් පමණ බවද අනාවරණයවී තිබෙනවා.
ඒ අනුව ඊයේ (18) පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සදහා වන ජාතික සභා අනුකමිටුවේදී මෙය අනාවරණයවී ඇති බවයි සඳහන් වන්නේ.
රටේ පවතින මන්දපෝෂණ තත්ත්වය වර්තමානයේදී පවතින ආර්ථික අර්බුදයත් සමග උත්සන්න වී ඇති බැවින් මෙම තත්ත්වය පිටුදැකීම සඳහා ගත හැකි කෙටි කාලීන සහ මධ්‍යකාලීන පියවර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.