මිනුවන්ගොඩ පොලිස් වසමේ, ගමන්ගෙදර ප්‍රදේශයේ වෙඩි තබා ත්‍රිත්ව ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් නැමති 39 හැවිරිදි පුද්ගලයෙක් වන ඔහු අංක 10, මහින්දාරාම පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයේ පදිංචිව සිටි බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්,
