24 C
Colombo

දරුවාට වෙඩිවැදුණු සිද්ධියේ SI රිමාන්ඩ්

Published:

කුඩා දරුවෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිහගොඩ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඊයේ (28) පස්වරු 4.30 ට පමණ මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ පිරිසක් පොලීසියට අයත් ත්‍රිරෝද රථයකින් මෙහෙයුමක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මාර්ගය පුරා ධාවනය කරමින් තිබූ තවත් ත්‍රිරෝද රථයක් දැක එය හඹාගොස් නවත්වා පරීක්ෂා කර ඇත.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියාගේ ගිනිඅවියක් ක්‍රියාත්මක වී දරුවෙකුගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබුණි.

Related articles

Recent articles