27 C
Colombo

දිස්ත්‍රික්ක 10ක ඩෙංගු අවදානම ඉහළයි

Published:

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව දිස්ත්‍රික්ක 10ක් තවමත් ඩෙංගු අවදානම ඉහළ මට්ටමක පවතී.

කොළඹ, කළුතර, මහනුවර, ගම්පහ, මාතලේ, ගාල්ල, යාපනය, මුලතිව්, පුත්තලම සහ කෑගල්ල මෙම දිස්ත්‍රික්ක අතර වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කළේ පසුගිය සතියේ එම ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 1152 ක් වාර්තා වූ බවයි.

මේ වසරේ මේ දක්වා රට තුළ ඩෙංගු රෝගීන් 59,317 ක් වාර්තා වී තිබේ.

Related articles

Recent articles