පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 3 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල, ඇහැළියගොඩ,ඇලපාත, රත්නපුර, පැල්මඩුල්ල,නිවිතිගල,කුරුවිට සහ කළවාන යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
එසේම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය, දොඩංගොඩ, අගලවත්ත, මතුගම හා බණ්ඩාරගම යන ප්‍රදේශ සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.