28 C
Colombo

දේශගුණික විපර්යාස නිසා දරුවන් බිලියනයක් අනතුරේ

Published:

දේශගුණික විපර්යාසවලින් එල්ල වන බලපෑම් නිසා ලෝකයේ කුඩා දරුවන් බිලියනයක් අතිශය ඉහළ අවදානමක සිටින බව ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ‘කිඩ්ස් රයිට්ස්’ ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

නෙදර්ලන්තයේ හේග් නුවර කේන්ද්‍රකොටගත් ‘කිඩ්ස් රයිට්ස්’ ආයතනය මෙම සමීක්ෂණ වාර්තාව සකසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතනවලින් ලබා ගත් දත්ත පාදක කර ගනිමිනි.

මේ වනවිට ලෝකය පුරා විපරිත කාලගුණික තත්ත්වයන් නිර්මාණය වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හට ගන්නා දේශගුණික විපර්යාසවලිනි. ‘කිඩ්ස් රයිට්ස්’ ආයතනය පෙන්වා දෙන අන්දමට අධික උණුසුම, අධික වැසි සහිත අයපත් කාලගුණ තත්ත්වයන් ආදිය දරුවන්ගේ ජීවිතවලට තර්ජනයක් වී තිබේ.

SOURCE : REUTERS

Related articles

Recent articles