27 C
Colombo

ද. කොරියාවේදී මියගිය තරුණයා ගැන නිවේදනයක්

Published:

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් උත්සවයක් අතරතුර තෙරපීමකට ලක්ව මියගිය ශ්‍රී ලාංකික තරුණයාගේ දේහය දිවයිනට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය සහ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

මෘත ශරීරය දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය බව මියගිය තරුණයාගේ ඥාතීන් දන්වා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සිද්ධියෙන් තවත් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් සිදුව ඇද්දැයි ඇත්දැයි සොයා බැලීම සඳහා සෝල් නුවර පොලිසිය සහ රෝහල් වෙත නියෝජිතයින් යවා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ අතර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර මහතා සඳහන් කළේ අදාළ සිද්ධියෙන් මියගිය තරුණයා රැකියාවට ගිය අයෙකු නොවන බවයි.

ලේකම්වරයා පැවසුවේ ඔහු අධ්‍යාපන කටයුතු සඳහා ගිය අයෙකු වන බවයි.

එලෙස මියගියේ මහනුවර, උඩතලවින්න මඩිගේ ප්‍රදේශයේ පදිංචි මුනව්වර් මුහම්මඩ් ජිනාත් නැමැති 27 හැවිරිදි තරුණයෙකි.

Related articles

Recent articles