26 C
Colombo

නව මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරියක් පත් කෙරේ

Published:

සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ .එම්. ඒ. එන්.දවුලගල ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයට පත්කර තිබෙනවා.

ඇය ප්‍රධාන ගණකාධිකාරි සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා මූල්‍ය පද්ධති ස්ථායිතා යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ලෙස සේවය කර ඇති අතර බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ නීතිමය රාමුව සහ පාලනය සවිමත් කිරීම වෙනුවෙන් දායකත්වය සපයා තිබෙනවා.

ඇය දැනට ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ ම‍ණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කරමින් සිටිනවා.

Related articles

Recent articles