28 C
Colombo

නෙළුම් කුලුන පරිශ්‍රය විවෘත කරන වේලාවන් යළි සංශෝධනය කෙරේ

Published:

නෙළුම් කුලුන පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන් යළිත් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරන අතර එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි කොළඹ නෙළුම් කුලුණ කළමණාකරන සමාගම සඳහන් කළේ.

එසේම සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 09.00සිට රාත්‍රී 10.00 දක්වා ටිකට්පත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 11.00 දක්වා නැරඹීමේ අවස්ථාව හිමි වනවා.

Related articles

Recent articles