25.8 C
Colombo

පරිප්පු සහ සුදු සිනීවල තොග මිල ගණන් බසී

Published:

පරිප්පු සහ සුදු සිනීවල තොග මිල අඩු කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රු. 290ක්ව පැවැති සුදු සිනී 1Kg එකක තොග මිල රු.65කින් අඩු කර ඇති අතර නව මිල රු.225ක් වනවා.

එමෙන්ම රු.375ක් පැවැති පරිප්පු 1Kg එකක තොග මිල රු.25කින් අඩු කර ඇති අතර නව මිල රු.350ක් වනවා.

ඊයේ (28) දිනයේ දී පාන් පිටි 1Kg ක තොග මිලද රුපියල් 250 දක්වා පහත දැමීමට කටයුතු කළ බව වාර්තා වනවා.

Related articles

Recent articles