ශ්‍රී ලාංකේය ලේඛක ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද “The Seven Moons of Mali Almeida” කෘතිය මෙවර ප්‍රබන්ධ සඳහා බුකර් ත්‍යාගය දිනා ගත්තේය.
“The Seven Moons of Mali Almeida” ෂෙහාන් කරුණාතිලක විසින් රචිත දෙවන කෘතිය වීම විශේෂත්වයකි.
බ්‍රිතාන්‍යයේ පැවති මෙම සම්මාන උළෙලේදී ෂෙහාන් කරුණාතිලක මහතාට බ්‍රිතාන්‍යයේ කැමිලා පාකර් රැජින විසින් සම්මානය සහ මුදල් ත්‍යාගය පිරිනමන ලදී.
බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන්නේ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද නවකතා ය.
ෂෙහාන් කරුණාතිලක විසින් රචිත Chinaman: The Legend of Pradeep Mathew නවකතාව 2008 Gratian ත්‍යාගය, 2010 සාහිත්‍යය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ත්‍යාගය සහ 2012 දකුණු ආසියානු සාහිත්‍යය සඳහා DSC ත්‍යාගය දිනා ගන්නා ලදී.