25.7 C
Colombo

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළ යන ලකුණු

Published:

ආනයනික පාන්පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.

ඒ අනුව අවශ්‍ය තරම් ආනයනික තිරිඟු පිටි තොග ලැබෙන්නේ නම් ලබන සතියේ සිට ම පාන් ඇතුළු බේකරි මිල පහත දැමීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

පාන් පිටි මිල පහළ දැමුවත් මේ වන විටත් බේකරි සඳහා පාන් පිටි කිලෝවක් මිලදී ගැනීමේදී රුපියල් තුන්සිය ක පමණ මුදලක් වැයවන බවත් ජයවර්ධන මහතා පැවසුවේ ය.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල මිළ පහළ දමන අගයන් දැන්මම ප්‍රකාශ කළ නොහැකි බවත් එය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.

Related articles

Recent articles