පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල පැවැත්වෙන විවාද නැරඹීමට පාසල් සිසුන්ට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ප්‍රවීණයෙකු වන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමකට අනුව කමිටුව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව පාර්ලිමේන්තු සභාගර්භයේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව මින් ඉදිරියට හිමිවනු ඇත.
කොවිඩ් තත්වය සහ ආරක්ෂක හේතු මත පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමා පසුගිය සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කළද පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී විවාද නැරඹීමේ අවස්ථාව මෙතෙක් හිමි නොවීය.
මේ අනුව විවාද නැරඹීමට පැමිණෙන පාසල් සිසුන් වෙනුවෙන් පාසල් බලධාරීන්ට අයදුම්පත් තමාට ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකි බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.