පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ අනුව අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව එය සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.