පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නැවත නඟා සිටුවීම සඳහා අවශ්‍ය ණය ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා මුදල් අමාත්‍යංශය එක්ව ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.
ඒ අනුව කෘෂිකාර්මික හා සංචාරක යන ක්ෂේත්‍ර සහ අපනයන-අභිමුඛ ක්ෂේත්‍රයන්ට අදාලව නිෂ්පාදන කටයුතු වල නිරත වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මෙම ණය මුදල් ලබාදීමට නියමිතයි.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙම ණය යෝජනා ක්‍රමය මඟින් කාරක ප්‍රාග්ධන ණය ලබා ගත හැකි අතර එක් ආයතනයකට ලබාගත හැකි උපරිම ණය මුදල රුපියල් මිලියන 10 ක් වන අතර එම ණය මුදල් උපරිම මාස හයක (06) ක ණය සහන කාලයක් (grace period) සහිතව උපරිම වසර තුනකින් (03) ගෙවීහේ හැකියාව පවතිනවා.

