30 C
Colombo

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ගැන අනතුරු ඇඟවීමක්

Published:

දිවයිනට බලපා ඇති වැසි සහිත කාළගුණය හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 61,391 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නෙ බස්නාහිර පළාතෙන් වන අතර ඊට අමතරව මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම හා රත්නපුර දිස්ත්‍රික්කවලින් ද විශාල රෝගීන් පිරිසක් වාර්තා වන බවයි ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

Related articles

Recent articles