28 C
Colombo

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී සිටි හිටපු ප්‍රාස සභාපති නිදොස් කොට නිදහස්

Published:

14 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම වී සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අඟහරුවාදා (11) නියෝග කළේය.

2022 ජනවාරි 17 වැනි දින කොළඹ මහාධිකරණය විසින් සාරුව ලියනගේ සුනිල් නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවමක් නියම කළේය.

ඊට අමතරව 25000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ද විත්තිකරුට නියම කරන ලදී.

ඔහු විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබූ අතර එය අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාර රත්නම් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබීය.

එම අභියාචනා පෙත්සම පිළිබඳව විභාගයක් පවත්වා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල විත්තිකරු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

Related articles

Recent articles