30 C
Colombo

බෙංගාල බොක්කේ සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙයි

Published:

උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදෑසන නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ආසන්නයේ ස්ථානගතව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය වයඹ දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රීතව සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

උතුරු අක්ෂාංශ 12ත් 20ත් අතර නැගෙනහිර දේශාංශ 85 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70 පමණ වන අතර විටින් විට පැ.කි.මී 80ක් දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශයේ රළු හෝ ඉතා රළු වන අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දැනට උතුරු අක්ෂාංශ 12ත් 20ත් අතර නැගෙනහිර දේශාංශ 85 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related articles

Recent articles