ළමා දින සැමරුම් වැඩසටහනකදී පාසල් සිසුවියන් සමග නර්තනයේ යෙදෙමින් විනෝද වූ ගුරුවරියන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව තමා වෙත ලැබී ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් පවසනවා.
ඒ අනුව පාසල් සිසුවියන් සමග නර්තනයේ යෙදෙමින් විනෝද වූ ගුරුවරියන් සම්බන්ධයෙන් සහ එම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එම සිදුවීම පාසැල තුළ ළමා දිනය වෙනුවෙන් ගුරු සිසු සහභාගිත්වයෙන් සිදු වූ සාමූහික ක්‍රියාකාරකමක් බව වාර්තා වී ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුටත් දැක්වෙන්නේ.
