27 C
Colombo

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය කිරීමට අවධානය

Published:

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 20 වනදා සිට දැනට දුම්රිය ධාවනය වන වේලාවට‍ මිනිත්තු 10කට පමණ පෙර නව සංශෝධනයන් යටතේ දුම්රියන් ධාවනය කිරිමට නියමිත බවයි සඳහන් වන්නේ.

දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු හා තවත් ගැටලු කිහිපයක් හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය කළමණාකරනය කර ගැනීම සඳහා මෙලෙස කාලසටහන සංශෝධනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Related articles

Recent articles