25 C
Colombo

මෛත්‍රීට එරෙහි පුද්ගලික පැමිණිල්ලට අදාළ තීරණය අනිද්දා

Published:

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලේ විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය අනිද්දා (14) ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එදින පෙත්සම්කාර මෛත්‍රිපාල සිරිසේන අධිකරණය හමුවේ පෙනීසිටිය යුතු බවත් අභියාචනාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම්දී තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව භියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත්කර ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles