ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ එම පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකරට කොළඹ දිසා අධිකරණය නොතිසි නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා දරන තනතුරු අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කර ලෙස ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වනදා කරුණු දක්වන ලෙසයි මෙලෙස ඔවුන්ට නොතිසි නිකුත් කර තිබෙන්නේ.