26 C
Colombo

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සැරසේ

Published:

රුසියාවෙන් තීව්‍ර වන ප්‍රහාර මධ්‍යයේ යුක්රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සූදානම් වේ.

යුක්රේනයට අධි තාක්‍ෂණික ගුවන් ආරක්ෂක අවි ලබා දෙන බව නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් මිසයිල, රේඩාර් පද්ධති ඇතුළු අවි ආයුධ සැපයීමට පොරොන්දු වී ඇත.

අමෙරිකාව සහ ජර්මනිය දැනටමත් යුක්‍රේනය සඳහා අවශ්‍ය අවි ආයුධ සපයා තිබේ.

Related articles

Recent articles