31 C
Colombo

යූරියා පොහොර ගොඩබෑමේ කටයුතු ඇරඹේ

Published:

මහ කන්නය වෙනුවෙන් ගෙන්වූ පළමු යූරියා පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

යූරියා පොහොර රැගත් පළමු නෞකාව පසුගිය 26 වනදා දිවයිනට පැමිණි අතර ඒ අනුව පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් මෙලස චීනයෙන් ගෙන්වා තිබෙනවා.

ඒ අනුව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට කටයුතු කරන බවයි.

පළමු පොහොර මුරය වෙනම සහ දෙවන සහ තුන්වන පොහොර මුර සමඟ බන්ඩි පොහොර ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles