27.2 C
Colombo

යෝජිත සංශෝධන අනුව බදු ඉහළ යන හැටි මෙන්න

Published:

දේශීය ආදායම් පනත සඳහා ඉදිරිපත් කර ඇති යෝජිත සංශෝධන අනුව ආයතන සඳහා අදාළ වන බදු සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.

2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (12) ගැසට් මඟින් ප්‍රකාශට පත් කර තිබුණා.

අදාළ යෝජිත සංශෝධන පහතින්,

  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතනයක ලාභයට පනවා තිබූ බද්ද 14% සිට 30% දක්වා ඉහළට.
  • නිෂ්පාදන ව්‍යාපාර උපයන ලාභය සඳහා 18% ක්ව පැවති බද්ද 30% දක්වා ඉහළට.
  • අපනයන ව්‍යාපාර ලාභ මත පනවා තිබූ 14% බද්ද 30% ක් දක්වා ඉහළට.
  • මත්පැන්, දුම්කොළ, ඔට්ටු දැමීම, සූදු ව්‍යාපාර උපයන ලාභ සඳහා 40% ක බද්දක්.
  • ප්‍රග්ධන ලාභ බද්ධට අදාළව ආයෝජන වත්කම් උප ලබ්ධි කිරීමේදී ගෙවිය යුතු බද්ධ 10% සිට 30% දක්වා ඉහළට.
  • තොරතුරු තාක්ෂණ සේවා සපයන ආයතනවලට බලාදී තිබූ බදු නිදහස 2023 අප්‍රේල් 01 වනදා සිට ඉවත් කරයි.
  • යම් ආයතනය ස්ථිර සේවකයෙක් නොවන අයෙක් එම ආයතනයේ ඉගැන්වීම්, දේශන, විභාග පැවැත්වීම, විභාග අධීක්ෂණ කටයුතු ආදී සේවා සැපයීමෙන් මාසයකට ලක්ෂය ඉක්මවන මුදලක් උපයන්නේ නම් එම මුදලින් 5% ක රඳවා ගැනීමේ බද්දක්.

Related articles

Recent articles