25 C
Colombo

රට යන්න ගිය රන්ජන් කටුනායකදී ආපසු හරවා යවයි

Published:

අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (27) කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් විදේශගතවීමට බලාපොරොත්තුවෙන් ඔහු ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන ඒකකය සඳහන් කළේ, ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් එලෙස හරවා යැවූ බවයි.

Related articles

Recent articles